දෛනික විදුලි කප්පාදුව පැය 14ක් වන ලකුණු – විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

පවතින වියළි කාළගුණික තත්ත්වය යටතේ ජල විදුලි බලාගාර ආශ්‍රිතව ජල සංචිත ද මේ වන විට සීග්‍ර ලෙස පහත වැටී තිබෙනවා.

එම තත්ත්වය හමුවේ ජල විදුලි උත්පාදනය ද අඩුකර දෛනික ජල විදුලි උක්පානය ගිගාවෝට් 7.5ට සීමා කරන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කළා.

කෙසේ වෙතත් ඉන්ධන අර්බුධය යටතේ පවතින ප්‍රමාණය කළමණාකරණය කර ගැනීමට ලබා දී ඇති නිර්දේශයන් අභිබවා යමින් නිර්දේශිත ජල පරිමානයන්ට වඩා දෙගුණයක පමණ ජල පරිමාවක් භාවිතා කරමින් මේ වන විට ජල විදුලි උත්පාදන කටයුතු සිදු කරන බව ජලාශභාර ඉන්ජිනේරුවන් පවසනවා.

ඒ අනුව ඉදිරි විදුලි උත්පාදනය ඉදිරියේදී තවදුරටත් අර්බුදයකට ලකවිය හැකි බවයි එම ඉංජිනේරුවන් පවසන්නේ.

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී දෛනිකව පැය 13ක් 14ක කාලයක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි ඉංජිනේරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

තාප බලාගාර වෙත අවශ්‍ය ඉන්ධන තොග සපයන්නේ නම් පමණක් දෛනික විදුලි කප්පාදුව පැය 10 සීමාවේ පවත්නාගෙන යා හැකි බවයි එම සංගමය පැවසුවේ.

අලුත් අවුරුදු කාලය දක්වා එලෙස දෛනිකව පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ද එම සංගමය වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය යටතේ මේ වන විට තාප විදුලි බලාගාර කිහිපයක්ම බිඳවැටී ඇති පසුබිමක IOC සමාගම විසින් ඉන්ධන ලීටර මිලියන 1.2ක් විදුලි බල මණ්ඩලය වෙල ලබා දී ඇති අතර ඒ අනුව කැළණිතිස්ස බළාගාරයේ එක් ජනන යන්ත්‍රයක ජනන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ පැය 36ක කාලයක් සදහා පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13