AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු සමයේ භාණ්ඩ මිල ඉහළ යාමක්

සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුලදි හැටන් ආශ්‍රිත ප්‍රදේශ කිපයකම එලවළු ඇතුළු සමහර භාන්ඩවල මිල ඉහල යාමේ තත්වයක් පැවතිමත් සමඟ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පැවසුවේ උත්සව සමය තුලදි අමු මිරිස්, තක්කාලි, මාළු මිරිස්, වම්බටු, වැනි එලවළු වර්ග කිපයක්ද බිත්තර, පොල්, පොල් තෙල් මුං ඇට, වැනි ආහාර වර්ගවලද මිල හිටි හැටියේම දැඩි ලෙස ඉහල ගොස් ඇති බවය.

පසු ගිය සතියට සාපේක්ෂව මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහල ගොස් ඇති බවත් මෙම ප්‍රදේශයේ සමහර කූට වෙළදුන් විසින් සෑම උත්සව සමයක් තුලදිම ආහාර ද්‍රව්‍යවල මිල මෙසේ ඉහල දමන බවත් මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ අකාරයෙන් දුෂ්කරතාවයන්ට පත්ව බවත් වාර්තාවෙයි.

මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ එලවළු වර්ග කිපයක තොග මිල ඉහල ගොස් ඇති බවත් පොල්,පොල් තෙල්, බිත්තර වැනිදේ හිඟ වීමෙන් මෙන්ම තොග මිලද ඉහල යාමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?