අනියම් පෙමින් බිහිවුණු දරුවා වළදැමූ මව – සියල්ල පොලිසියට වමාරයි

දුම්මලසුරිය පොලිස් වසමට අයත් මරක්කලමුල්ල ප්‍රදේශයේ දරුවකු ප්‍රසුත කළ අවස්ථාවේම වළ දැමීමට කටයුතු කළ මවක් දුම්මලසුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් ඒකකය මගින් දුම්මලසුරිය පොලිසියට ලැබුණු පණිවිඩයක් ඔස්සේ දුම්මලසුරිය පොලිසියේ නිලධාරීන් විසින් සිදුකල විමර්ශනයකින් පසු මෙම සිදුවීම 29 වෙනි දින රාත්‍රීයේ අනාවරණය කර ගැනීමට හැකි බවයි පැවසෙන්නේ.

මේ පණිවිඩයෙන් දැනුම් දී ඇත්තේ මරක්කලමුල්ල ප්‍රදේශයේ මවක් සිය දෙවන දරුවා ප්‍රසුත කර නිවස පිටුපස කුණු ගොඩක් ආසන්නයේ වළ දමා ඇති බවයි. මෙලෙස වළ දමා ඇත්තේ සම්පුර්ණ වූ පිරිමි දරුවෙකු වන අතර දරුවා උපත ලද විගස වළ දමා ඇති බවට දුම්මලසුරිය පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවට අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු සිට සිටින අතර සිටින අතර ඇය ගැබ් ගෙන ඇති බව ඇයගේ සැමියා පවා නොදන්නා බව ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා. මාස අටක් පමණ ගත වන තුරු ඇය කිසිම වෛද්‍ය සායනයකට සහභාගී නොමැති බවද පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අනියම් සැමියකුගේ ඇසුර නිසා මෙම ගැබ් ගැනීම් සිදුව ඇති බැවින් එම තත්ත්වය වසන් කර සිටි බවත් ඇය පවසනවා. ඇය හමුදා සෙබළකු යැයි පවසන පුද්ගලයකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර එම අනියම් සබඳතාව හේතුවෙන් මෙම කාන්තාව ගැබ් ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. උදරයේ කිසියම් රෝගී තත්ත්වයක් ඇති බවට හඟවමින් ඇය මාස 8කට ආසන්න කාලයක් නිවසේ සැමියා සමග ගත කර ඇති බවත් පැවසෙනවා. ඉකුත් 29 වැනි දින උදෑසන පහට පමණ ඇය දරු ප්‍රසුතියට සුදානම් වී ඇති බවට හැඟීමෙන් පසු ඇය නිවස පිටුපස වැසිකිළියට ගොස් එම කටයුතු සිදුකර උදැල්ලක් ආධාරයෙන් පෙකණි වැල කපා එම උදැල්ලෙන් නිවසේ වැසිකිලි පිටුපස ගසක් ආසන්නයේ වළක් කපා බිළිඳා වළ දමා තිබෙනවා.

මෙම සිද්ධිය ඒ අවට කිසියම් කෙනෙක් දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට කටයුතු කර ඇති අතර මෙම කාන්තාව හමුදා සෙබළකු සමග මීට වසර හතරකට පමණ පෙර සිට සැමියාට හොර රහසේ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09