හෝමාගම වෙඩි තැබීමක්

හෝමාගම මාඹුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රී රෝද රථයකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

T56 වර්ගයේ අවියකින් වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

ගරාජය ඉදිරිපිට නතර කර තිබූ බස් රථය සහ ත්‍රී රෝද රථයට අලාභ සිදු වී ඇතැයි සඳහන්. වෙඩි තැබීමට හේතුව හෝවෙඩි තැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර හෝමාගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?