දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබෙනවා.

එම නිර්දේශයට අනුව, මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න වෙත මේ බව දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා මෙම නිර්දේශය සිදුකර තිබෙනවා.

බුද්ධි වාර්තාවලට අනුව, කාවඩි කණ්ඩායම් තෝරා ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර මතභේදයක් මතුව ඇති අතර, ඇතැම් පාර්ශ්වවලින් බරපතළ තර්ජන ද එල්ල වී ඇති බව සඳහන්.

මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්නට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් මරණ තර්ජන පවා එල්ල වී තිබුණා.

ජූලි 28 වනදා පැවැත්වෙන පෙරහැර නැරඹීමට විශාල ජනතාවක් සහභාගී වීමට අපේක්ෂා කරන බැවින්, මහජන ආරක්ෂාවට ඇති විය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම නිර්දේශය යෝජනා කර ඇති බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56