හොර පාරෙන් රට යවන්න සල්ලි ගත් මරදානේ 04 දෙනෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම වෙනුවෙන් මුදල් ලබා ගෙන වංචාවන් සිදු කරන ආයතනයක් වටලා එහි හිමිකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙහි විශේෂ විමර්ශණ අංශයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන – ශ්‍රී ප්‍රියදර්ශණාරාම මාවතේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරු ඇතුළු සේවකයින් තිදෙනෙක්.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 256 ක්ද වැටලීම කළ නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බායි වාර්තා වන්නේ.

මෙම විදේශ රැකියා නියෝජිත ආයතනය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි 85 ක් පමණ ලැබී ඇති අතර ඒ අනුව විමර්ශණ සිදු කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම ආයතනය මීට පෙර විදේශ රැකියා ලබා දෙන බව
පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන සම්බන්ධයෙන් ඔවුන්ගේ බලපත්‍රය අත්හිටුවා ඇති බවයි.

බලපත්‍රය අත්හිටුවා තිබුණද එම ආයතනයේ හිමිකරු තව දුරටත් විදේශ රැකියාවන් ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටමින් මුදල් වංචා කර ඇති බවයි විමර්ශණ නිලධාරීන් සදහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14