Empty Ad
AFC Banner
Empty Ad

හිටපු ජනාධිපති රනිල් බටලන්ද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

රජය විසින් අද (14) දිනයේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභා නායක බිමල් රත්නායක සඳහන් කළේ මෙම කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇති බවයි.

ඊට අමතරව මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තුවන බව ද සභානායකවරයා පවසා සිටියා.

එමෙන්ම මෙම කොමිෂන් සභා වාර්තාවේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් මන්ත්‍රීවරුන්ගේ සහ මාහජනතවගේ පරිශීලනය සඳහා මුද්‍රණය කළ යතු බවට ද යෝජනාවක් සභානායක බිමල් රත්නායක විසින් සිදුකරනු ලැබුවා.

වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>