හිටපු ජනාධිපති රනිල් බටලන්ද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

රජය විසින් අද (14) දිනයේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභා නායක බිමල් රත්නායක සඳහන් කළේ මෙම කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇති බවයි.

ඊට අමතරව මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තුවන බව ද සභානායකවරයා පවසා සිටියා.

එමෙන්ම මෙම කොමිෂන් සභා වාර්තාවේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් මන්ත්‍රීවරුන්ගේ සහ මාහජනතවගේ පරිශීලනය සඳහා මුද්‍රණය කළ යතු බවට ද යෝජනාවක් සභානායක බිමල් රත්නායක විසින් සිදුකරනු ලැබුවා.

වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09