රැඳවුම් නියෝග මත විමර්ශනය කරමින් සිටින දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙරට නිෂ්පාදිත රිවෝලවර් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමාන්හි සැඟව සිටියදී පසුගිය දා මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඊයේ 21 දින වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂමව සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැකකරන රොවෝල්වර වර්ගයේ ගිනි අවියක් විමර්ශන නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨසය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.













