ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග අඩුවීම ගැන ධනංජය කණගාටුවෙන්

මෙම වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම වසරේ දී අඩු ටෙස්ට් තරග සංඛාවක් හිමිවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

එම තත්ත්වය පාලනය කිරීමට නොහැකි බවත්, සිදුකළ යුත්තේ ලැබෙන සෑම තරගයක්ම හොඳින් ක්‍රීඩාකර පෙන්වීම බවයි ඔහු සඳහන් කළේ.

හෙට (29) ආරම්භවන වොන් – මුරලි ටෙස්ට් තරගාලියට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක දී ධනංජය මේ බව සඳහන් කළා.

මේ අතර තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ජයගෙන ටෙස්ට් ලෝක ශුරතාවේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයට පැමිණ ටෙස්ට් ලෝක ශුරතාව අවසන් කිරීම තම කණ්ඩායමේ අරමුණ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙවර ටෙස්ට් ලෝක ශුරතාවේ අවසන් මහා තරගය සඳහා පැමිණීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් පැවති බවත්, පාකිස්ථානය සමඟ මව්බිමේ දී පැවති ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීම එම අවස්ථාව ගිලිහී යාමට ප්‍රධාන හේතුව වූ බවයි නායක ධනංජය ද සිල්වා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා නොකරන බවයි ධනංජය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17