Empty Ad
Empty Ad
AFC Banner

ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාව ඉල්ලයි

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව එම ගුවන් සේවය පවසනවා.

ප්‍රධාන වශයෙන් තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් පසුගියදා ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරිමට හා ප්‍රමාද කිරීමට සිදු වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ගුවන් යානා තාවකාලිකව ගොඩබෑම සාමාන්‍ය සිදුවීමක් වන අතර ගුවන් යානයට මගීන් ඇතුළු කිරීමට පෙර අලුත්වැඩියා කිරීම සහ දැඩි පරීක්ෂාවට ලක් කිරීමද සිදු වන බව එම නිවේදනයේ සඳහන්. එම පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි පියාසර කිරීම සඳහා අවසර ලබා දීම සිදු කරනු ලබන්නේ.

කෙසේ වෙතත් සිදු වූ තාක්ෂණික ගැටලුවලදී විකල්ප ගුවන් ගමන් සදහා මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම ප්‍රමාදවීම්වලදී ඔවුන්ට හෝටල්වල නවාතැන් පහසුකම් සැලසිමට කටයුතු කර තිබෙනවා.

එහෙත් සිදු වූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් සමාව අයදින අතර ඉදිරියේ දී අතපසුවිම් අවම කිරීමට උනන්දුවෙන් කටයුතු කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තවදුරටත් සඳහන් කර ඇත්තේ.

Sri Lankan Airlines
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සතොසින් වතුකරයේ පාරිභෝගිකයන්ට සහන මිලට පොල් සහ සහල්
04:49
Video thumbnail
සුජීව සේනසිංහ අධිකරණයට එයි - ගෙට බලෙන් ඇතුල් වුණ අයට වැඩ වරදි
04:27
Video thumbnail
මඩ ගහනවා කියලා පැමිණිලි කරන්න සජබ මහ ලේකම් CID එයි
02:17
Video thumbnail
කුඹුරු හාන්න අලුත්ම විදියක් කෘෂිකර්ම ඇමතිගෙන් - ටැක්ටර් කැරකෙන යුගය වෙනස් කරනවා
12:52
Video thumbnail
ආණ්ඩුව සුනේ සුන්.. ජෝසප් ස්ටාර්ලින්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
06:04
Video thumbnail
මම ලාල්කාන්ත - රිලවුන්ට වැඩේ දෙනවා - ඒක ස්ථිරයි
04:57
Video thumbnail
ඇස් උඩ යන මිලකට අලෙවි වුණ මැණික මෙන්න
09:37
Video thumbnail
කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවකට සජබය අත්සන් කරයි
07:54
Video thumbnail
සහල් ඒකාධිකාරිය බිඳිනවා කිව්වා - ඒ කාලේ ජනාධිපතිට කොන්දක් නෑ කිව්වා
04:59
Video thumbnail
හොරෙන්ම ඇවිත් ඇට ගලවන් යන හැටි මෙන්න
08:05

?