”මට මොරටුව සරසවියේ උපාධියක් නෑ – හැබැයි වසේඩා සරසවියෙන් තියෙනවා”- කතානායකගෙන් ප්‍රකාශයක්

සමාජයේ මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක කතාබහක් මතු කර ඇති 17 වැනි පාර්ලිමේන්තුවේ කතානායක අසෝක රන්වල මහතාගේ ‘ආචාර්ය’ උපාධිය බොරුවක් දැයි යන ගැටලුවට BBC සිංහල පුවත් සේවය ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් සහ මොරටුව විශ්වවිද්‍යාලයෙන් විමසීම් සිදු කරමින් ඊමේල් පණිවිඩ යොමු කර තිබෙනවා.

වසේඩා විශ්වවිද්‍යාලයට යොමු කළ ඊමේල් පණිවිඩයෙන් විමසා ඇත්තේ; අසෝක රන්වල නමින් පුද්ගලයෙකු එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ ද යන්නයි.

නමුත්; එම විශ්වවිද්‍යාලයෙන් පෙරේදා (11) දිනයේ දී අදාළ ඊමේල් පණිවිඩයට පිළිතුරු සපයා තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ තොරතුරු හා මහජන සම්බන්ධතා කාර්යාලය BBC සිංහල පුවත් සේවයට පවසා ඇත්තේ; ‘එම තොරතුරු එකී පුද්ගලයාට අදාළ පෞද්ගලික තොරතුරක් බැවින් ඔහුගේ කැමැත්ත නොමැතිව ඔවුන්ට ඒ සඳහා ප්‍රතිචාර දැක්විය’ නොහැකි බවයි.

කෙසේවෙතත් ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයේ වෙබ් පුස්තකාලයේ උපාධි පර්යේෂණ නිබන්ධන (පර්යේෂණ පත්‍රිකා) ඇතුළත් කොට ඇති දත්ත පද්ධතිය තුළ අසෝක රන්වල මහතාගේ නමින් උපාධි පර්යේෂණ නිබන්ධනයක් (පර්යේෂණ පත්‍රිකාවක්) තිබේ ද යන්න සොයා බැලුව ද එම නම සඳහන් අයෙකුගෙන් කිසිදු පර්‍යේෂණ පත්‍රිකාවක් එම විශ්වවිද්‍යාලයේ නොමැති බවයි දිස්වූයේ.

එමෙන්ම පෙරේදා දිනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ආශු මාරසිංහ මහතා පැවසුවේ තමන් ද ජපානයෙන් උපාධියක් ලබා ඇති බවත්; කෙනෙකු උපාධියක් එම සරසවියෙන් ලබා ඇත්නම් වෙබ් පිටුවෙහි නම යෙදූ සැණින් දිස්විය යුතු බවයි.

නමුත් එලෙස සොයා බැලුව ද අසෝක රන්වල මහතාගේ නමින් කිසිදු සොයා ගැනීමකට ඉඩ ලැබුණේ නැහැ.

කෙසේ නමුත් වසේඩා විශ්වවිද්‍යාලයේ ඊමේල් පිළිතුරෙහි අසෝක සපුමල් රන්වල මහතා එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂයකු ව නොසිටි බව අදාළ පිළිතුරෙහි සඳහන් වන්නේ ද නැහැ.

එම ඊමේල් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ව තිබුණේ අවශ්‍ය නම් අදාළ පුද්ගලයාගේ අත්සන සහිත ‘කැමැත්ත පළ කිරීමේ ලිපියක්’ හෝ ‘ඇටෝනි බලය’ පැවරීමේ ලිපියක් සුදානම් කර සෘජුවම උපාධි අධ්‍යයන පාසලෙන් ඒ පිළිබඳ විමසන ලෙසත් එසේ වුවහොත් අවශ්‍ය තොරතුරු සපයන බවයි.

කෙසේවෙතත් මොරටුව විශ්වවිද්‍යාල‍යේ උපකුලපති ඇතුළු පරිපාලන මණ්ඩලයට ද අසෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් විමසමින් ඊමේල් පණිවිඩ නිකුත් කර ඇති අතර මෙතෙක් ඊට පිළිතුරු ලැබී නැහැ.

BBC සිංහල පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම ගැටලුව සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් දූරකථනය ඔස්සේ විමසීමට පියවර ගැනුණු අතර ඔහු පවසා ඇත්තේ; පළමු ව සිය මූලික උපාධිය පිළිබඳවයි.

මොරටුව විශ්වවිද්‍යාලය 1980 -90 වර්ෂවල දී ගොඩනැගී නොතිබූ බවත්, ඒකාබද්ධ සරසවි ලෙසින් ක්‍රියාත්මක වූ බවත් හෙතෙම පවසා තිබෙනවා.

කතානායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැන්නක්..;

එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැ නේ අපිට. යුනිවර්සිටි එක ඒ වෙලාවේ ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කලේ, එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි. ටෙක්නිකල්….මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාල තියෙන්නේ. කමක් නැහැ ඒක..” යනුවෙන්.

එසේ නම් ඒ අනුව නිවැරදි ලෙස ඔහුගේ මුලික උපාධිය සඳහන් කරන්නේ කෙසේ දැයි විමසා සිටි අවස්ථාවේදී අශෝක රන්වල මහතා පවසා ඇත්තේ; “ඒක මං ඔයාට ලියල එවන්න ද” යනුවෙන් බවයි බීබීසී සිංහල පුවත් සේවය සොයාගත් කරුණුවලින් හෙළිව ඇත්තේ.

කෙසේවෙතත් තමන්ව මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ලෙස හැඳින්විය නොහැකි බවත්; පසුකාලීනව එය උපාධියක් බවට පරිවර්තනය කරගත් බවත්; එබැවින් මෙලෙස ප්‍රශ්න කරනවා විය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

පෙට්‍රෝලියම් සංස්ථාවේ තමන් රසායනික ඉංජිනේරුවරයා නොවන බැවින්; ඔහුව දන්නා හඳුනන, චෝදනා නඟන්නන් විසින් මෙවැනි ප්‍රකාශ කරනු ලබන බවත් හෙතෙම පැවසුවා.

කතානායකවරයා සිය වෘත්තීය සුදුසුකම් පිළිබඳ ව බීබීසී සිංහල පුවත් සේවයට මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

“පෙට්‍රෝලියම් එකේ මම ඉන්දැද්දි දෙකම එකට කරලා තමයි ගත්තේ.[උපාධිය] ඒකයි ඔය. පෙට්‍රෝලියම් එකේ ඉංජිනියර්ස්ලා හිටියානේ. මම ඉංජිනියර් කෙනෙක් නෙමෙයි හින්දා තමා ඔය කියන්නේ පෙට්‍රෝලියම් එකේ. මම ඒකේ කාර්මික නිලධාරියෙක්..”

එමෙන්ම කතානායකවරයා පෙට්‍රෝලියම් සංස්ථාවේ තමන් සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ කාර්මික නිලධාරියෙකු බව මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද මාධ්‍යයට පළමු වරට හෙළි කළා.

කෙසේවෙතත් ඔහු සිය ආචාර්‍යය උපාධිය ජපානයේ වසේඩා සරසවියෙන් ලබාගත් බවත් එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බව ද අශෝක රන්වල මහතා පවසා සිටිනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ – විපක්ෂ දේශපාලනඥයින් සහ මාලිමා රජය බලයට ගෙන ඒමට උනන්දු වූ සැබෑ මහාචාර්‍යයවරුන් පවා සිය අදහස විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා.

ඇතැම් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල සම්මානිත මහාචාර්‍යයවරු පවා මෙම සිදුවීමත් සමග සිය මූලික උපාධිය, පශ්චාත් සහ ආචාර්‍යය උපාධි ලබාගත් උපාධි සහතික ද සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට පියවර ගෙන ඇති අයුරුයි; දැකිය හැකි වන්නේ.

කෙසේවෙතත් කතානායකවරයා අදාළ ගැටලුව සම්බන්ධයෙන් දෙසැම්බර් මස 17 වැනිදා නිල ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ දක්වා කතානායකවරයා සිටින්නේ සියලු ප්‍රශ්න ඇති කර කිසිවක් නොවුණා සේ යි.

එමෙන්ම විපක්ෂය එක් වී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ගෙන ඒමට නියමිත ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28