මාතලේ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි පුද්ගලයෙකු පසුගිය 20 අලුයම් කාලයේ රෝගාතුර වී ඇති අතර, පසුව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබුණා.
එලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව අධික මත්ද්‍රව්‍ය භාවිතය බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයාගේ ශරීරය තුළ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් ද තිබී හමුවී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී මාතලේ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රැඳී සිටින අතරතුර ඇති වූ රෝගී තත්ත්වයක් මත සැකකරුව, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී අලුයම 12.45 ට පමණ මෙම සැකකරු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් තිබුණේ මහනුවර, අම්පිටිය, දිලෙනගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.










