2027 අයවැය තුළින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු වූ කරුණු ඉටු නොවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ලබන සඳුදා (23) දින සියලුම ශාඛා සමිති රැස්වීමක් කැඳවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ලබන සඳුදා දිනයේ දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා වූ මෙම ශාඛා සමිති රැස්වීම පැවැත්වීමට නියමිත බවයි එම සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් අද (21) සඳහන් කළේ.
කෙසේ වෙතත් එම පැය දෙකක කාලය තුළ දී හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගැනීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
මේ අතර සංගමය විසින් ක්‍රියාත්මක කරන ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ බලය විධායක සභාවට පැවරෙන බවයි මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී විධායක සභාව වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ අතර 2018 වසරේදී අනුමත සමස්ථ DAT දීමනාව වහාම ලබාදීම, DAT දීමනාව සහ අමතර රාජකාරි නිවාඩු දින දීමනා, බදුවලින් නිදහස් කිරීම, වසර දෙකක් පුරා අත්හිටුවා ඇති අමතර රාජකාරි හා නිවාඩු දින දීමනාවන්වල 1/3 නැවත ගෙවීමට කටයුතු කිරීම, සුදුසුකම් සපුරන ලද වෛද්‍යවරුන් 22/99 චක්‍රලේඛය අනුව ප්‍රවාහන පහසුකම් සඳහා අන්තර්ග්‍රහණය කිරීම සහ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් අයවැය හරහා ලබා ගැනීමට කටයුතු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කැඳවූ හදිසි මධ්‍යම කාරක සභාවේ දී තීරණය වූ බව ලේකම්වරයා මෙහිදී පැවසුවා.
ඒ, අනුව ඉදිරි සතිය තුළදී මෙම කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවයි එම සංගමය සඳහන් කර සිටියේ.










