දිවයියේ ප්‍රදේශ කිහිපයකට අද (21) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (21) පස්වරු 12:00 සිට වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුව මේ බව සඳහන් කරනවා.
අදාළ අවවාදාත්මක නිවේදනය හෙට (22) අලුයම 01.00 දක්වා වලංගු වන බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.
ඒ අනුව, පහත සඳහන් ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
