Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නිව්යෝර්ක් නගරය පොකිරිස්සන් සහ කකුළුවන් පණපිටින් තැම්බීම තහනම් කිරීමට සැරසෙයි

නිව්යෝර්ක් නගරයේ නීති සම්පාදකයින් විසින් අවන්හල්වලට සජීවී පොකිරිස්සන්, කකුළුවන් සහ අනෙකුත් කබොල සතුන් කෙලින්ම උතුරන වතුරට දැමීම තහනම් කිරීම සඳහා පනතක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සතුන්ට වේදනාව අත්විඳිය හැකි බවට යෝජනා කරන විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ වැඩෙන කනස්සල්ලෙන් පසුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
.
මෙම පියවර පොකිරිස්සන් හෝ කකුළුවන් ආහාරයට ගැනීම තහනම් නොකරන නමුත් ඒවා පණපිටින් පිසීම සීමා කරනු ඇති.

මෙම පනත් කෙටුම්පත තවමත් සලකා බලමින් පවතින අතර එය නීතියක් බවට තවමත් පත්වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙම නීතිය පළමු වරට උල්ලංඝනය කරන අයෙකුට අනතුරු ඇඟවීමක් නිකුත් කරන අතර, එය නොතකා කටයුතු කරන්නේ නම් පණපිටින් තම්බා ගන්නා සෑම පොකිරිස්සෙකුට සහ කකුළුවෙකුට ඩොලර් 100ක දඩයක් අය කිරීමට නීති සම්පාදකයින් යෝජනා කර තිබෙනවා.