Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අද (21) පෙරවරු 5.00 සිට පැය 24ක කාලයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව දෙවන මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම් මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ.

මේ අතර, පළමු මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම් මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, තුම්පනේ, පස්බාගේ කෝරලේ, ගඟවටකෝරලේ සහ මහනුවර කඩවත්සතර යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, රඹුක්කන සහ අරණායක යන ප්‍රදේශ ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ අතරට අයත් වනවා.