වගා ව්‍යාපෘතිවල ආයෝජනය කර, ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී මුදල් රැස්කර, එම මුදල් වංචා කිරීමේ චෝදනාව මත පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මොවුන් දෙදෙනාත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කොහුවල සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි එම සමාගම් මඟින් සිදුකර ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 04කට ආසන්නයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
