Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පර්යේෂණවල නිරත චීන විද්‍යාඥවරියක් ඇමෙරිකාවේ දී අත්අඩංගුවට

ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ චීන සම්භවයක් සහිත විද්‍යා පර්යේෂිකාවක් ඇමෙරිකානු ආගමන නිලධාරීන් භාරයට*

ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ පර්යේෂණවල නිරත චීන සම්භවයක් සහිත පර්යේෂිකාවක්, අධ්‍යයන සමුළුවකට සහභාගී වී ආපසු යමින් සිටියදී ඇමෙරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊවා යී ෂී නම් ඇය, වොෂින්ටන් නුවර පැවති ස්නායු විද්‍යා සමුළුවකට සහභාගී වී නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා මෙලෙස රඳවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පාඨමාලාවේ තෙවැනි වසරේ අධ්‍යයනය කරන පර්යේෂිකාවක්.

2016 වසරේ සිට ඇමෙරිකාවේ පදිංචිව සිටින ඇයගේ වීසා බලපත්‍රයේ වලංගු කාලය අවසන් වී තිබුණ ද, සරණාගතභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත විභාග වෙමින් පැවතීම හේතුවෙන් නීත්‍යනුකූලව රට තුළ රැඳී සිටීමට අවසර තිබූ බව ඇයගේ නීතිඥයෝ පවසනවා.

වොෂින්ටන්හි රොනල්ඩ් රේගන් ජාතික ගුවන් තොටුපළේදී තමන් රඳවාගෙන ඇති බව ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ සගයන්ට පණිවිඩ හුවමාරු යෙදුමක් ඔස්සේ දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව ඔවුන්ට ඇය සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය සිකුරාදා වන විට ඇය වර්ජිනියා ප්‍රාන්තයේ චැන්ටිලිහි පිහිටි ආගමන හා රේගු බලාත්මක කිරීමේ මධ්‍යස්ථානයක රඳවා සිටි බව වාර්තා වනවා.

විදේශීය විද්‍යාඥයන් සහ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක කරන දැඩි පියවර හමුවේ රඳවාගත් විදේශීය සම්භවයක් සහිත විද්‍යාඥයන් අතරට ඇය ද එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂ නායකට හොඳට සලකනවා - මිලියන 300 ගාණක් අරගෙන මොකක්ද කරන්නේ..?
01:40
Video thumbnail
ආණ්ඩු පෙරළන වරද මේ ආණ්ඩුව කරලා ඉවරයි - පාරට එන්න කාලය හරි
08:59
Video thumbnail
පාර්ලිමේන්තුවට බෝම්බ ග#න්න කවුරුත් දැන් නෑ - ඔයාලා ආණ්ඩුවේ
12:17
Video thumbnail
පච උගුරේ හිරවෙලා තමයි මුන් කවදාහරි මැ#න්නේ - පච කෙ#නවා
04:52
Video thumbnail
ඇමති පුත්තු ගංජා ගහනවා මේ පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා
26:55
Video thumbnail
5000 කොළ කන්න ද කියලා අහපු මිනිස්සු මේ ඉන්නේ
16:32
Video thumbnail
හිරේ දාලා නාමල්ව නවත්වන්න බෑ
12:32
Video thumbnail
යතුර අරගෙන ඇවිල්ලා කාර් එක ඇරලා ඇතුලේ තිබ්බ දේ උස්සන්න හදපු හොරා
01:26
Video thumbnail
බොරැල්ල සේනානායක හංදියේ ප්‍රධාන පාර ගිලා බැහලා - ගමනාගමනයට බාධා
00:52
Video thumbnail
බැසිල් හැංගිලා ඉඳගෙන කොන්ද කැඩුනා, පස්ස බිම වැදුණා කියලා පණිවුඩ එවනවා
14:32