ත්‍රිවිධ හමුදා නිලධාරීන් 150ක් උපාධි ලබති (ඡායාරූප)

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 18 හි උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (12) නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත් වුණා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහභාගි වුණා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හා ගුවන් හමුදාපතිවරු ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගීව සිටියා.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 18 පාඨමාලාව මෙම වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන ලද අතර, දෙසැම්බර් මාසයේ දී අවසන් වුණා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 78 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 21 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 150 දෙනෙකු හට මෙහිදී උපාධි ප්‍රදානය කරන කළා.

මීට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනෙගල් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල විදෙස් නිලධාරීන් 25 දෙනෙකු ද, මෙම අවස්ථාවේදී උපාධි ලබාගත්තා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර විසින් විවිධ අධ්‍යයන ක්‍ෂේත්‍ර ඔස්සේ ‍දස්කම් දැක් වූ උපාධිධාරීන් හට ඔවුන්ට හිමි විශේෂ සම්මාන ප්‍රදානය කළා.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ හමුදාමය අධ්‍යයන කටයුතු සිදුකරනු ලබන උසස්ම අධ්‍යයන ආයතනය වන අතර, තෝරාගත් ශිෂ්‍ය නිලධාරීන්ගේ අණදීමේ සහ අනෙකුත් රාජකාරීන් සඳහා වන වෘත්තීය දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් මෙම විද්‍යාලය පිහිටුවා තිබෙනවා.

මෙමගින් ලෝකයේ වෙනත් බොහෝ සන්නද්ධ හමුදාවන් විසින් ක්‍රියාත්මක කරන ආරක්ෂක මූලධර්ම හා උපාය මාර්ගික මට්ටමේ සැලසුම් සහ ඉගැන්වීම් පිළිබඳ අධ්‍යයනය කිරීමට ශිෂ්‍ය නිලධාරීන් හට අවස්ථාව සලසා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36