තෙළිඟු නළු අල්ලු අර්ජුන් ඉන්දීය පොලිසිය විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සතියේ හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවක පිටත සිදුවූ තෙරපීමක දී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අල්ලු අර්ජුන් රංගනයේ යෙදෙන පුෂ්පා 02 චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමඟ පසුගිය 04 වනදා හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවක පිටත සිදුවූ තෙරපීමක දී අදාළ කාන්තාව මියගොස් තිබුණා.
ජුබිලි හිල්ස් නිවසේ සිටිය දී හයිද්‍රාබාද් හි චිකාඩ්පල්ලි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කරන්නේ.
කාන්තාවගේ මිය යාම සම්බන්ධයෙන් තෙළිඟු නළු අල්ලු අර්ජුන් සහ ඔහුගේ ආරක්ෂකයින්ට මෙන්ම චිත්‍රපට ශාලාවේ කළමණාකාරීත්වයට එරෙහිව හයිද්‍රාබාද් පොලිසිය නඩු පවරා තිබෙනවා.














කැකිල්ලේ නඩු විභාගය වගේ කියලා හිතෙනවා