spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාව ඉල්ලයි

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව එම ගුවන් සේවය පවසනවා.

ප්‍රධාන වශයෙන් තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් පසුගියදා ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරිමට හා ප්‍රමාද කිරීමට සිදු වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ගුවන් යානා තාවකාලිකව ගොඩබෑම සාමාන්‍ය සිදුවීමක් වන අතර ගුවන් යානයට මගීන් ඇතුළු කිරීමට පෙර අලුත්වැඩියා කිරීම සහ දැඩි පරීක්ෂාවට ලක් කිරීමද සිදු වන බව එම නිවේදනයේ සඳහන්. එම පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි පියාසර කිරීම සඳහා අවසර ලබා දීම සිදු කරනු ලබන්නේ.

කෙසේ වෙතත් සිදු වූ තාක්ෂණික ගැටලුවලදී විකල්ප ගුවන් ගමන් සදහා මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම ප්‍රමාදවීම්වලදී ඔවුන්ට හෝටල්වල නවාතැන් පහසුකම් සැලසිමට කටයුතු කර තිබෙනවා.

එහෙත් සිදු වූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් සමාව අයදින අතර ඉදිරියේ දී අතපසුවිම් අවම කිරීමට උනන්දුවෙන් කටයුතු කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තවදුරටත් සඳහන් කර ඇත්තේ.

Sri Lankan Airlines
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?