ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාව ඉල්ලයි

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව එම ගුවන් සේවය පවසනවා.

ප්‍රධාන වශයෙන් තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් පසුගියදා ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරිමට හා ප්‍රමාද කිරීමට සිදු වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ගුවන් යානා තාවකාලිකව ගොඩබෑම සාමාන්‍ය සිදුවීමක් වන අතර ගුවන් යානයට මගීන් ඇතුළු කිරීමට පෙර අලුත්වැඩියා කිරීම සහ දැඩි පරීක්ෂාවට ලක් කිරීමද සිදු වන බව එම නිවේදනයේ සඳහන්. එම පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි පියාසර කිරීම සඳහා අවසර ලබා දීම සිදු කරනු ලබන්නේ.

කෙසේ වෙතත් සිදු වූ තාක්ෂණික ගැටලුවලදී විකල්ප ගුවන් ගමන් සදහා මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම ප්‍රමාදවීම්වලදී ඔවුන්ට හෝටල්වල නවාතැන් පහසුකම් සැලසිමට කටයුතු කර තිබෙනවා.

එහෙත් සිදු වූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් සමාව අයදින අතර ඉදිරියේ දී අතපසුවිම් අවම කිරීමට උනන්දුවෙන් කටයුතු කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තවදුරටත් සඳහන් කර ඇත්තේ.

Sri Lankan Airlines


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42