දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක අනතුරකින් එකම පවුලේ දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (11) රාත්‍රියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව – ඉමදූව ප්‍රවේශ මාර්ග අතර 100 කිලෝමිටර් කණුව ආසන්නයේ දීයි සිදුව ඇත්තේ.
කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ ලොරියක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
අනතුරින් එකම පවුලේ මව සහ පියා බරපතළ තුවාල ලැබූ අතර; පසුපස අසුනෙහි ආ ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනා මියගොස් ඇති බවයි කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 සහ 13 හැවිරිදි වියෙහි පසුවන බාලවයස්කරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් ඉමදූව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.














Importance of the seat belts for rare seat passangers. Woul have been avoided