හාල් ටොන් 2,300ක් ලංකාවට – හාල්වල කොලිටි හොඳ බවට රේගුවෙන් සහතිකයක් (වීඩියෝ)

පසුගිය දෙසැම්බර් 04 වනදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 2,300ක් ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පවසනවා.

අද (13) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ලැබී ඇති සහල් තොග අතරින් මෙට්‍රික් ටොන් 1,600ක් තම්බපු සහල් මෙන්ම කැකුළු සහල් මෙට්‍රික් ටොන් 680ක් පමණ ඇති බවයි.

මෙලෙස ගෙන් වූ සහල් තොග නිෂ්කාශනය කිරීමට පෙර ආහාර පරීක්ෂකවරුන්ගේ සහ ශාක නිරෝධායන කාර්යාලයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කරන බව ද ඔහු සඳහන් කළා.

ආනයනය කරනු ලැබූ මෙම සහල් තොග ආනයනකරුවන් වෙත ඉතා ඉක්මනින් මුදා හැරීමට සඳහා ශ්‍රී ලංකා රේගුව ප්‍රමුඛතාව ලබා දී ඇතැයිද ලැබී ඇති සහල් ටොන් 230 අතරින් මේ වනවිට 90% කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අද (13) දිනයේ සහ හෙට (140 දිනය වන විට තව මෙට්‍රික් ටොන් 3,500ක් පමණ සහල් තොග වරායට ලැබෙයි ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කර සිටියේ.

එමෙන්ම සහල් ආනයන සදහා රජය විසින් අවසර ලබා දී ඇත්තේ දෙසැම්බර් මස 20 වනදා දකවා පමණක්වන අතර, දෙසැම්බර් 20 වනදායින් පසු ලැබෙන සහල් තොග නැවතත් හරවා යවන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේ.

ආනයනය කරන ලද සහල් තොග මිනිස් පරිභෝජනයට සුදුසු බවට තක්සේරුව ලැබූ පසු එම සහල් තොග ජනතාවට මුදාහරින බවත්, මෙතෙක් ගෙන්වා ඇති සහල් ටොන් 2,300 උසස් ප්‍රමිතියේ සහල් බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33