සජබ ජාතික ලැයිස්තු ඉතිරි මන්ත්‍රී නාම ගැසට් කෙරේ

සමගි ජන බලවේගය පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (12) මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) වගන්තිය යටතේ යි.

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුතුව අදාළ නාම මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ දහවල් යොමු කර තිබුණා.

ඒ අනුව; මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් සහ නිසාම් කාරියප්පර් යන අය ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා එක් කර තිබෙනවා.

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය පක්ෂයට ජාතික ලැයිස්තු ධුර 05ක් හිමිවුණා.

ඉන් පළමු වැන්න මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හට හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23