ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියර සඳහා සැලසුම් කිරීම, ඉදිකිරීම හා පද්ධති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව, ජාතික තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06ක් ලැබී තිබෙනවා.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම් ව සතුට බිල්ඩර්ස් (පෞද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 1,699.81ක ( බදු රහිත ) මුදලකට ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය හිමිවුණ බවට වාර්තාවෙනවා.










