කතානායකට ආචාර්ය උපාධියක් නැති බව වසේඩා සරසවියෙන් ම දන්වයි (වීඩියෝ)

කතානායක අසෝක සපුමල් මහතා කිසිම දිනෙක ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හෝ ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හෙළි ව තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයෙන් ලිපියක් මගින් අදාළ කාරණය දන්වා ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ.

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක දී හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළේ රටේ සිටින ඉහළතම සහ උත්තරීතර ම තෙවැනි ධුරය වන කතානායක අසුනට මෙලෙස ව්‍යාජ තොරතුරු ලබා දී පාර්ලිමේන්තුව නොමග යවා තිබීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

කතානායක අසෝක රන්වල මහතාට හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ අභියෝගයක් ද එල්ල කර තිබෙනවා.

තමන්ට ආචාර්‍යය උපාධියක් වසේඩා විශ්වවිද්‍යාලයේ ඇත්නම්; වහාම ඒ බව සාක්ෂි සමග ඔප්පු කරන ලෙසටයි ඇය අභියෝග කර ඇත්තේ.

නැත්නම් වහාම කතානායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඇය මෙන් ම විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.

10 වැනි පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා වශයෙන් දිවුරුම් දුන් අසෝක රන්වල මහතා ලබාදුන් තොරතුරුවල අඩංගු වූයේ ඔහුට ආචාර්‍යය උපාධියක් ඇති බවත්; එය ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් බවයි.

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා තැබූ ෆේස්බුක් සටහනකින් විමසා සිටියේ අසෝක රන්වල මහතා හට ආචාර්‍යය උපාධියක් ඇත්නම් ඔප්පු කර පෙන්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එම ෆේස්බුක් සටහනෙන් පසුව මෙම ආචාර්‍යය උපාධි ගැටලු සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

නමුත් කතානායක රන්වල මහතා නම් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ තමන්ට සහ ආණ්ඩුවට නගන චෝදනාවලට පිළිතුරු දීමට යාම දැන්ම සිදු නොකළ යුතු බවයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඇතුළත් නිල වෙබ් අඩවියෙන් අසෝක රන්වල මහතාගේ ආචාර්ය යන තනතුරු නාමය මේ වනවිට ඉවත් කර ඇති අයුරු ද දක්නට ලැබෙනවා.

ඒ සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු කාර්‍යාලයෙන් විමසා සිටියද; ඔවුන් පැවසුවේ ඒ බව කිසිවක් නොදන්නා බවයි.

  1. තලතා එම විශ්වවිද්‍යාලයේ නිල ප්‍රකාශිකාවද??? තමන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පත්කරන එක දන්නෙ නැහැ..කතානායකගේ උපාධි විස්තරය දන්නවා..අනේ හුකේ..

  2. වසේදා විශ්වවිද්‍යාලය විසින් තලතා නෝනට ලිපියකින් දැනුම්දුන්නා නම්, ආයේ රංවල මහත්තයගෙන් වහාම ප්‍රකාශයක් මොකටද ?

    එහෙම ඕනෑම පිටස්තර
    කෙනෙකුට විශ්ව විද්‍යාලයකින් එහි ලියාපදිංචි වී සිටින පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමට හැකි ද

    • අනේද කියන්නෙ? ඇයි, තලතා අතුකෝරල ඇවිල්ලා මහ රැජිණද ලංකාවෙ ඉල්ලපු ගමන් “මේන්”කියලා දෙන්න.මේ දැන ගන්නවා කථා නායකම්,ඇමති කම් කරන්න උපාධිය සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ.(අනික බළළා මැටියෙන් උනත් මොකද මීයො අල්ලනවනම්)

  3. ඉස්ටෙප් වන්: බි හරී කොම්‍රඩ් ඇනඩ් ජ’ස්ට් ඉස්පීක් ටු ද
    නේෂන්. මිලියන්ස් විල් බි විත් යූ.

    ඉස්ටෙප් 2: කන්ටින්‍යු ඉන් දැට් හොට් සීට් විත් ද ම’ර්සි ඔෆ් ද කොමරාඩී ඩුඉන් ඉට් ඉන් පර්ෆෙක්ට් වේ. සම්ඩේ යූ විල් බි අජජ්ඩ් ද මොස්ට් අවුට්ස්ටෑන්ඩිං ස්පීකර් ඔෆ් ද යුනිවර්ස්!

  4. ඇත්තටම ලැජ්ජා සහගත ක්‍රියාවක් කරලා තියෙන්නේ.කථානායක කමට තියා මංත්‍රීවරයෙකුට වත් සුදුසු නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28