පැතිර යන හඳුනා නොගත් වෛරසයෙන් 06ක් මියගිහින් – ශ්වසන අපහසුතා මරණයට හේතුවයි

යාපනයේ පැතිර යන හඳුනා නොගත් වෛරස තත්ත්වය හේතුවෙන් මියගිය ගණන මේ වනවිට (11) පුද්ගලයින් සයදෙනෙකු මරණයට පත් ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා.

යාපනයේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා පැවසුවේ මෙලෙස මියගොස් ඇති සියලුදෙනා ශ්වසන අපහසුතා හේතුවෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මෙම වෛරසය පළමු ව උණ රෝගයක් ලෙස වැළඳී ඇති බවත්; මියගිය පිරිසට තිබී ඇත්තේ උණ සහ කැස්ස බව ද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මියගිය පුද්ගලයින්ගේ දේහ කොටස් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ ජාතික රෝහල වෙත එවා ඇති බවත් මී උණ හෙවත් ලෙප්ටොස්පයිරා නමැති මීයන්ගෙන් සහ මීගවයින්ගෙන් මළමුත්‍රා ආශ්‍රයෙන් වැළඳෙන රෝගය විය හැකි බවට සැක පළ කරන බවත් යාපනය රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවා.

කෙසේවෙතත් එම හඳුනා නොගත් වෛරසය මී උණ දැයි නිශ්චිත ව හෙළි වී නැති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය පිරිස අතර එක් කාන්තාවක් මෙන් ම තරුණයින් ද වැඩි වශයෙන් සිටින බවයි වාර්තා වන්නේ.

අවුරුදු 20-28, අවුරුදු 30 -45 සහ අවුරුදු 50 -65 අතර වයස් සීමාවල පසුවන්නන් සයදෙනෙකු මෙලෙස මරණයට පත් ව තිබෙනවා.

කෙසේවෙතත් අද දහවල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මී උණ රෝගය වැළඳුණු අයෙකුගේ සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ වන්නේ ඇඟපත අමාරුව, හිසේ කැක්කුම, වමනය, ඇස් රතුවීම ආදිය බවත් එවැනි රෝග ලක්ෂණ හෝ උණ හා කැස්ස පමණක් හෝ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන ලෙසට ද වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18