කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) දිනයේත් වාර්තාගත ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළා.

අද (13) දිනය අවසන් වනවිට කොටස් වෙළෙඳපොළේ අගය ඒකක 14,205.34ක් ලෙසට සටහන්ව තිබුණා.

එය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වනවා.

අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.1ක් ලෙස දැක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්