ගායන ශිල්පී නදිමාල් පෙරේරාට ප්‍රහාරයක්

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙක් පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ පානදුර උතුර, ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත වැඩසටහනකට සහභාගී වී සිටිය දී නදිමාල් පෙරේරා මෙම පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමෙන් තුවල් ලැබූ ඔහු පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකට සහභාගි වූ ජනප්‍රිය ගායන ශිල්පී නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු පහර දී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු ද පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පහරදීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි පානදුර උතුර පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා පානදුර උතුර පොලිසියෙන් කිසිදු අවසරයක් එම නිවාඩු නිකේතනය හෝ එම පාසල ලබාගෙන නොතිබූ බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (07) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24