වික්ටෝරියාවෙන් වාර්තාවක් (ඡායාරූප)

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු යළිත් විවෘත වී තිබෙනවා.

වික්ටෝරියා ජලාශ ඉතිහාසයේ එක් වර්ෂා සමයකදී ස්වයංක්‍රිය වාන් දොරටු විවෘත වූ වැඩිම අවස්ථා ගණන සටහන් වන්නේ ද මෙවරයි. එම අවස්ථා ගණන 7ක්.

මධ්‍යම කදුකරයට පවතින අධික වර්ෂාව හමුවේ මෙවර වැසි සමයේ 4 වන වරට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ යි.

28 වනදා පස්වරුවේ 4 වැනි වරට ජලාශයේ වාන්දොරටු දෙකක් වවෘත වූ අතර 29 වනදා අළුයම ඒවා ස්වයංක්‍රීයව වැසී ගොස් තිබුණා.

යළිත් සිකුරාදා පෙරවරු 10ට පමණ 5 වන වරට වාන් දොරටු දෙකක් විවෘත වී තිබුණා.

සිකුරාදා පස්වරුවේ ජලාශයේ මඩ සොරොව්ව විවෘත කර තබා තිබූ අතර එමගින් ජලාශයට විශාල වශයෙන් එකතු වන මඩ සහ වැලි ඉවත් කිරීම සිදුවී තිබෙනවා.

ඊයේ (30) ද වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු සියල්ලම ස්වයංක්‍රීයව විවෘත වූ අතර එය මෙවර වාන් දොරටු විවෘත කෙරුණු 6 වන අවස්ථාවයි. එමෙන්ම වාන් දොරටු අටම විවෘත වූ පළමු අවස්ථාව ද එය ලෙසටයි සැලකෙන්නේ.

පවතින වැසි තත්ත්වය සමග අද පෙරවරුවේ ද ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වී ඇති අතර එය මෙවර වැසි සමයේ ස්වයංක්‍රියව දොරටු විවෘත වූ 7 වන අවස්ථාවයි.

මෙලෙස වාන් දොරටු විවෘත වීමත් සමග ඉන් පිටවන ජලය මහවැලි ගඟට මුදා හරින අතර එම ජලය මහවැලි ගංගාව ඔස්සේ රන්දෙණිගල ජලාශයට එක්වන බවයි ජලාශයේ යාන්ත්‍රික ඉංජිනෙරු සාලිය දිසානායක මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
3
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02