Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

වික්ටෝරියාවෙන් වාර්තාවක් (ඡායාරූප)

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු යළිත් විවෘත වී තිබෙනවා.

වික්ටෝරියා ජලාශ ඉතිහාසයේ එක් වර්ෂා සමයකදී ස්වයංක්‍රිය වාන් දොරටු විවෘත වූ වැඩිම අවස්ථා ගණන සටහන් වන්නේ ද මෙවරයි. එම අවස්ථා ගණන 7ක්.

මධ්‍යම කදුකරයට පවතින අධික වර්ෂාව හමුවේ මෙවර වැසි සමයේ 4 වන වරට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ යි.

28 වනදා පස්වරුවේ 4 වැනි වරට ජලාශයේ වාන්දොරටු දෙකක් වවෘත වූ අතර 29 වනදා අළුයම ඒවා ස්වයංක්‍රීයව වැසී ගොස් තිබුණා.

යළිත් සිකුරාදා පෙරවරු 10ට පමණ 5 වන වරට වාන් දොරටු දෙකක් විවෘත වී තිබුණා.

සිකුරාදා පස්වරුවේ ජලාශයේ මඩ සොරොව්ව විවෘත කර තබා තිබූ අතර එමගින් ජලාශයට විශාල වශයෙන් එකතු වන මඩ සහ වැලි ඉවත් කිරීම සිදුවී තිබෙනවා.

ඊයේ (30) ද වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු සියල්ලම ස්වයංක්‍රීයව විවෘත වූ අතර එය මෙවර වාන් දොරටු විවෘත කෙරුණු 6 වන අවස්ථාවයි. එමෙන්ම වාන් දොරටු අටම විවෘත වූ පළමු අවස්ථාව ද එය ලෙසටයි සැලකෙන්නේ.

පවතින වැසි තත්ත්වය සමග අද පෙරවරුවේ ද ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වී ඇති අතර එය මෙවර වැසි සමයේ ස්වයංක්‍රියව දොරටු විවෘත වූ 7 වන අවස්ථාවයි.

මෙලෙස වාන් දොරටු විවෘත වීමත් සමග ඉන් පිටවන ජලය මහවැලි ගඟට මුදා හරින අතර එම ජලය මහවැලි ගංගාව ඔස්සේ රන්දෙණිගල ජලාශයට එක්වන බවයි ජලාශයේ යාන්ත්‍රික ඉංජිනෙරු සාලිය දිසානායක මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
3
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
00:00
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47
Video thumbnail
යළි ගේමට බහින මර්වින් සිල්වා - වයස කියන්නේ ඉලක්කමක් විතරයි
09:02
Video thumbnail
දුරුතු පොහෝ දිනයේ රා විකුණපු පුද්ගලයෙක් කොටුවෙයි
00:55
Video thumbnail
උපදෙස් ඕන නම් මගෙන් උපදෙස් ගන්න - සිය පවුල එක්ක දළඳා වඳින්න ගිය සුසිල් කියයි
10:17
Video thumbnail
හැටන් නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්
01:15

?