Fly high Get bonus Aviator Phone

වැඩ තහනම් වූ රාලහාමි හරි හරියට කළ ජාවාරම

වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවෙසේ සඟවා තිබිය දී කේරළ ගංජා කිලෝ 5යි ග්‍රෑම් 609ක්, ජාවාරමෙන් උපයාගත් රුපියල් 476900/ක්, ජාවාරමේ නිරත වූ තවත් සැකකරුවන් දෙදෙනකු පෙරේදා රාත්‍රියේ තිරප්පනේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු උට්ටිමඩුව ඔරුක්මාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වූ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකි.

සෙසු සැකකරුවන් මීරිගම හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පැවසීය. සෙසු සැකකරුවන් ද සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 950ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන හිටපු පොලිස් කොස්තාපල්වරයා කලක පටන් මෙම කේරළ ගංජා ජාවාරමේ නිරත වී ඇත. ඔහු වැඩ තහනමට ලක්වී ඇත්තේ ද කලින් මෙම ජාවාරමේ නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (12) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?