වැඩ තහනම් වූ රාලහාමි හරි හරියට කළ ජාවාරම

වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයකුගේ නිවෙසේ සඟවා තිබිය දී කේරළ ගංජා කිලෝ 5යි ග්‍රෑම් 609ක්, ජාවාරමෙන් උපයාගත් රුපියල් 476900/ක්, ජාවාරමේ නිරත වූ තවත් සැකකරුවන් දෙදෙනකු පෙරේදා රාත්‍රියේ තිරප්පනේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු උට්ටිමඩුව ඔරුක්මාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වූ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකි.

සෙසු සැකකරුවන් මීරිගම හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පැවසීය. සෙසු සැකකරුවන් ද සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 950ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන හිටපු පොලිස් කොස්තාපල්වරයා කලක පටන් මෙම කේරළ ගංජා ජාවාරමේ නිරත වී ඇත. ඔහු වැඩ තහනමට ලක්වී ඇත්තේ ද කලින් මෙම ජාවාරමේ නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (12) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00