සිංහරාජ වනාන්තරයේ කෘමි සත්ව විශේෂ සහ උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කළ විදේශිකයින් සිව්දෙනෙක් ඊයේ (09) අත්අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්මේන්තුව සඳහන් කරනවා.
උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රේරක කලාපයේ දී මෙරටට ආවේණික කෘමී සතුන් සහ උරගයින් එකතු කරමින් සිටි චීන ජාතික පිරිමි තිදෙනෙක් සහ කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී එකතු කරන ලද සත්ව විශේෂ 40කට ආසන්න ප්‍රමාණයකට අයත් සතුන් 250කට අධික ප්‍රමාණයක් වනජීවී භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම සැකකරුවන් මීට පෙර ද ලංකාවට පැමිණ ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
