රුවන්වැලි මහසෑය අභියස පවත්වන සත්යග්රහ භූමියට අද සවස්වරුවේ නාඳුනන පුද්ගලයෙක් පැමිණ ප්රශ්න කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.
අනුරාධපුර පූජා භූමිය තුළ මෙවැනි දේවල් කිරීම සාසනයට අගෞරවයක් බව අද සවස්වරුවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් සත්යග්රහයේ යෙදී සිටින ස්වාමීන් වහන්සේලාට දොස් පැවැරීමට කටයුතු කළා.
ඒ සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා සහ එම පුද්ගලයා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් පසු පොලිස් නිලධාරියෙක් පැමිණ එම පුද්ගලයාව එතනින් ඉවත් කිරීමට කටයුතු කළා.
