ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක්

ඉරානය සම්බන්ධයෙන් සාම බලාපොරොත්තු ඉහළ යාම හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

වෙළඳපොළ වාර්තා සඳහන් කරන්නේ බොරතෙල් මිල 7%කින් පමණ පහත වැටී ඇති බවයි.

ඒ, අනුව මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100ට අඩු මට්ටමට පැමිණ අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.23ක් දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක ඩොලර් 92.05ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 99.17ක අගයකයි.