පරණ කෝන්තරයක් ඇවිලී බාලවයස්කරුවෙක් ඝාතනය කරලා

ගන්දර පොලිස් වසමේ අක්කර 18 ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ ආරවුලක් හටගෙන තිබෙනවා.

එහිදී පහරදී තියුණු ආයුධයකින් කපා තුවාල සිදු වූ අයෙක් තලල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 16ක දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ බලවයස්කරුවා සහ තවත් පිරිසක් අතර පෙර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

අපරාධයට සම්බන්ධ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.