බෙල්ලන්විල වෙඩික්කරුවන් රණාලේ දී කොටුකළ මෙහෙයුම – සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට (වීඩියෝ)

බෙල්ලන්විල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් රණාල ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයායි.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 37 යන වයස්වල පසුවන බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා අපරාධය සිදුකර යතුරුපැදියෙන් රණාල ප්‍රදේශයට පලාවිත් ඇති අතර, සැක කටයුතු ආකාරයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබදව සැක සිතූ පොලිස් හදිසි මාර්ග බාධක සෝදිසි මෙහෙයුම්වල සිටි පොලිස් නිලධාරීන් කිලෝමීටර් දෙකක් පමණ ඔවුන් පසුපස හඹාගොස් තිබෙනවා.

එහිදී එම සැකකරුවන් දෙදෙනා රණාල පොදු සුසාන භූමිය අසල ඔවුන් පැමිණි යතුරුපැදිය නවත්වා මුහුණු ආවරණ,
දෑත්වලට දමා තිබූ මේස් සහ කළු පැහැති ආරක්‍ෂිත හිස් ආවරණ දෙකත් ගලවා සුසාන භූමිය අසල දමා පා ගමනින් පලා යමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 600ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේ දී අදාළ අපරාධය පිළිබද ඇමතුම් හා හඩපණිවුඩ තිබී පොලිසියට සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවසරය ලබාගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතබව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14