ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,000 පනී – ඊයේ දිනයේ රෝගීන් 606ක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ (25) දිනයේ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වන්නේ 606ක්.

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම ජූලි මාසයේ වන අතර, මෙම මාසය තුළ ගත වූ දින 25 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 26,136ක්.

මේ අතර වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ගණන 43,132ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 61ක්ද වාර්තා වී ඇති බව එම එකකට වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20