ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයක සේවාවේ තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ, අනුව තාක්ෂණික, කාර්මික, මාධ්‍ය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු 383ක් සඳහා මෙලෙස අයදුම්පත් කැඳවීමටට කටයුතු කර ඇත්තේ.
අදාළ අයදුම්පත් භාර ගැනීම 2026.08.14 දින දක්වා සිදු කරන අතර අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ පමණක් සිදු කළ යුතුවනවා.
ඒ, අනුව පහත තනතුරු නාමයන් යටතේ උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා 177 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් තනතුරට 206 දෙනෙකු බඳවා ගැනිමට නියමිතයි.
පුරප්පාඩුව පතින තනතුරු අතර, වෙබ් අඩවි සංස්කාරක, පරිගණක ක්‍රියාකරු, ග්‍රැෆික් නිර්මාණ උපදේශක, භෝජනාගාර පාලක, සූපවේදී, ක්‍රීඩා පිටි හා තණතීරු නඩත්තු උපදේශක, වායු සමීකරණ යන්ත්‍ර කාර්මික, කාර්මික, මහන මැෂින් කාර්මික, කාය වර්ධන උපදේශක ශිල්පී, ශබ්ද පරිපාලක, ව්‍යායාම උපදේශක, වේශ නිරූපණ ශිල්පීන් ද ඇතුළත්.















