වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 20 වනදා සිට

වසස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට ලබාදෙන රුපියල් 3,000ක මාසික දීමනාව ගෙවීමට මෙම මාසයේ කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කරනවා.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මඟින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බවයි.

අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් එම දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල්/උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

2025 පෙරබරවාරි මස දීමනාව සහ හිඟදීමනා තැපැල්/ උපතැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වන දින සිට ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29