ලුණු ආනයනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු බාධාවක් නෑ – වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එවන් ආකාරයේ කිසිදු බාධා කිරිම් හෝ අවහිර කිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු අයතනයකින් සිදු නොවන බවයි.

ලුණු ආනයනය කිරීමට අපේක්ෂාවෙන් අමාත්‍යාංශයේ ආහාර පාලන එක්කයට 2025.05.22 දින වන විට ආනයනකරුවන් 117 දෙනෙකු ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර ඇති බවත්, එම නිවේදනයේ දක්වා තිබෙනවා.

එමෙන්ම එම ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම පරිදි ලුණු මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ඊයේ (22) වනවිට ආනයනයට පහසුකම් ලබා දී ඇති බව ද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

මෙම ලුණු තොඟ වරායට ළඟා වූ පසු කඩිනමින් මුදාහැරීම සදහා ද අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවත්, කිසිදු ප්‍රමාදයක් සිදුවීමට ඉඩ තබා නොමැති බවත් ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09