ලාසා එක් අයෙක් බිලිගනී

බටහිර අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින “ලාසා වෛරසය” ආසාදනය වූ බ්‍රිතාන්‍යය වැසියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ අද නිවේදනය කර සිටිනවා.

බටහිර අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසු නැවත සිය මව්රට බලා පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජාතික පවුලක සාමාජිකයින් තිදෙනෙකුට ” ලාසා වෛරසය” ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ නයිජීරියාව ඇතුළු බටහිර අප්‍රිකානු කලාපයේ රටවල් තුල “ලාසා වෛරසයේ” ව්‍යාප්තියක් ඉකුත් සති දෙකක කාලය තුලදී ඉස්මතු වෙමින් පවතින බවයි.

බටහිර අප්‍රිකාවේ වෙසෙන Natal Multimammate සිටින මීයන් හරහා ව්‍යාප්ත වන “ලාසා වෛරසය”, ලාසා උණ ලෙස හඳුන්වන උග්‍ර වෛරස් රක්තපාත උණ පළමු වරට වාර්තා වුයේ 1969 වර්ෂයේදීය.

Natal Multimammate මියන් ඇතුළු සෙසු මියන් ද වෛරස් වාහකයින් ලෙස හඳුනාගෙන ඇත. මෙම වෛරසය ආසාදනය වන පුද්ගලයින් ගෙන් 10-15% ක් අතර පිරිසකට මරණයට පත්වීමේ සම්භාවිතාවක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

මෙම වෛරසය ව්‍යාප්ත වන ක්‍රම කිහිපයක් හඳුනා ගෙන ඇත.

  1. ආසාදිත මීයන්ගේ මුත්‍රා, අසූචි, කෙළ හෝ රුධිරය සමඟ සෘජුව සම්බන්ධ වීම.
  2. ආසාදිත මීයන්ගේ මුත්‍රා, අසූචි, කෙළ හෝ රුධිරය ගෘහාශ්‍රිත භාණ්ඩවල සහ ආහාර වල මිශ්‍ර වීමෙන්.
  3. ආසාදිත මීයන්ගේ මුත්‍රා, අසූචි, කෙළ හෝ රුධිරයෙන් අපවිත්‍ර වූ ආහාර ගැනීම.
  4. ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය, මුත්‍රා, අසූචි, වමනය සහ අනෙකුත් ශරීර තරල සමඟ සම්බන්ධ වීමෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැක.

ලාසා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, උගුරේ අමාරුව, සාමාන්‍ය ශරීර දුර්වලතාවය, කැස්ස, ඔක්කාරය, වමනය, පාචනය, මාංශ පේශි වේදනාව, පපුවේ වේදනාව සහ දරුණු අවස්ථාවල දී, කන්, ඇස්, නාසය, මුඛය සහ අනෙකුත් ශරීර විවරවලින් පැහැදිලි කළ නොහැකි රුධිර වහනයක් වන බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

ආසාදනයක් සහ රෝගයේ රෝග ලක්ෂණ පෙනුම අතර කාලය දින 6 සිට 21 දක්වා වේ. කල් ඇතිව රෝග විනිශ්චය කිරීම සහ ප්‍රතිකාර කිරීම පැවැත්මේ අවස්ථා වැඩි කරන බවයි විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22