රාජාංගණය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කෙරේ – පහළ කලාඔය දෙපස ජනතාවට දැනුම්දීමක් (ඡායාරූප)

රාජාංගණය ජලාශයේ වාන් දොරටු අටක් යළි විවෘත කර තිබෙනවා.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කලාවැව වාන් දොරටු දෙකක් අඩි 07ක් දක්වා විවෘත කිරීමත් සමඟ ඊයේ (19) රාත්‍රීයේ මෙලෙස රාජාංගණය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම වාන් දොර‍ටු අටෙන් අඩි 02 බැඟින් වාන් දොර‍ටු 02ක් ද, අඩි 03 බැඟින් වාන් දොර‍ටු 02ක් ද, අඩි 04 බැඟින් වාන් දොර‍ටු 04ක් ද මෙලෙස විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙමඟින් තත්ත්පරයට ඝන අඩි 7,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහරින බවයි ජලාශය භාර වාරිඉංජිනේරුවරයා පැවසුවේ.

මේ හේතුවෙන් රාජාංගණය ජලාශයේ පහළ කලාඔය දෙපස පහත් බිම්වල සිටින ජනතාව දැඩි සැලකිලිමත්ව පසුවන ලෙසට දැනුම් දෙනවා.

WhatsApp Image 2023 11 20 at 9.23.36 AM
WhatsApp Image 2023 11 20 at 9.23.35 AM
WhatsApp Image 2023 11 20 at 9.23.34 AM
WhatsApp Image 2023 11 20 at 9.23.33 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48