රාජ්‍ය සේවයේ අවශ්‍යවන ප්‍රතිපත්තිමය වෙනස්කම් හදුනාගැනීමට විශේෂ අනු කමිටුවක්

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුනාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කාරක සභාවක් පත් කිරීමට කාරකසභාවේ සභාපති අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න නිර්දේශ කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේ දී මෙම අනු කාරක සභාව පත් කිරීම සිදුකෙරුණා.

නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම අනු කාරක සභාව පත් කිරීම සිදු කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ, ධර්මප්‍රිය දිසානායක, දිනිඳු සමන්,ගීතා හේරත්, ලාල් ප්‍රේමනාත් සහ මුහම්මද් ෆයිසාල් යන අය මෙම අනු කාරක සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස පත්කර තිබෙනවා.

මෙම අනු කාරක සභාව මඟින් රාජ්‍ය සේවයේ පත් කිරීම්, තරඟ විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදුකළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදුකර හඳුනාගන්නා යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබාදීමට නියමිතයි.

මෙවැනි අනු කාරක සභාවක් පත් කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි විසින් යෝජනා කළ අතර, ඒ අනුව සභාපතිතුමා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබුවා.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වුණා.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ 2024 වර්ෂයේ පළාත් පාලන ආයතනවල 8,435 දෙනෙකුගේ සේවය ස්ථිර කළ බවයි.

එසේම මේ වන විට සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් කරන බවත්, ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව 2025 මාර්තු 31 දින ලැබීමට නියමිත බවයි සඳහන් කළේ.

ඉන් පසු පත්කිරීම් සඳහා අවශ්‍යවන දත්ත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන බව එම නිලධාරීන් පැවසුවා.

එමෙන්ම යම් යම් ව්‍යාපෘති සඳහා බඳවාගත් සේවකයින්ගේ සේවය ස්ථිර කිරීම සිදුනොකරන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්නා.

තව ද ග්‍රාම නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන්වන තරඟ විභාගය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04