රබර් ගසක අත්තක් හිසෙහි වැදී චේන්සෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු මරුට

ස්කැවේටර් යන්ත්‍රයකින් පෙරළන ලද රබර් ගසක අත්තක් හිසෙහි වැදී චේන්සෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් ඊයේ (30) වාර්තා වුණා.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තෙඹුවන, කූරියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි විවාහක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක රබර් ගස් ස්කැවේටර් යන්ත්‍රයක් මඟින් ගලවමින් සිටිය දී ගසක අත්තක්, එම ගස් චේන්සෝ යන්ත්‍රයක් ආධාරයෙන් කුට්ටි කරමින් සිටි පුද්ගලයෙකුගේ හිසේ වැදීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා පිඹුර රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?