රබර් ගසක අත්තක් හිසෙහි වැදී චේන්සෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු මරුට

ස්කැවේටර් යන්ත්‍රයකින් පෙරළන ලද රබර් ගසක අත්තක් හිසෙහි වැදී චේන්සෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් ඊයේ (30) වාර්තා වුණා.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තෙඹුවන, කූරියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි විවාහක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක රබර් ගස් ස්කැවේටර් යන්ත්‍රයක් මඟින් ගලවමින් සිටිය දී ගසක අත්තක්, එම ගස් චේන්සෝ යන්ත්‍රයක් ආධාරයෙන් කුට්ටි කරමින් සිටි පුද්ගලයෙකුගේ හිසේ වැදීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා පිඹුර රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48