රජයේ සේවකයින්ට මේ වසරේ තවත් වැටුප් වැඩිවීමක් නැහැ

රජයේ සේවකයින් හට තවත් වැටුප් වැඩිවීමක් මේ වසරේ ලබානොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට සූදානම් වන බැවින් එලෙස වැටුප් වැඩිවීමක් සිදු නොකරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඌව පළාත් පොලිස් කමිටු සාමාජිකයින් බලගැන්වීමේ උත්සවයට ඊයේ (06) වැල්ලවාය ප්‍රදේශයේ දී එක්වෙමින්.

රාජ්‍ය මූල්‍ය වගකීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, නිසි සැලසුමකින් තොරව තවදුරටත් වැටුප් වැඩිකිරීමෙන් රජය අඩපණ විය හැකි බවට අනතුරු ඇඟවා සිටියා.

වැටුප් ගැලපීම් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි නිර්දේශ 2025 අයවැයට ඇතුළත් කරන බව ද සඳහන් කළා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථාවේ ලක්ෂ 05කින් රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ඇතැමුන් පැවසුව ද තමා එලෙස නොකළ බවත්, වැට් බද්ද 18%කට ගෙන එමින් එම වැටුප් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව මත බදු බර පැටවිය නොහැකි බව ද අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18