රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන පැහැදිලි කිරීමක්

රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතාමත්ම ධෛර්යමත් ප්‍රකාශයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථික අවපාතයක් පවතිව විට, උද්ධමනය ඉහළ ගිය අවස්ථාවක, එසේ ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට විවිධ තීන්දු තීරණ ගන්නා විට ස්ථිර ආදායමක් ලබන ප්‍රජාව විශාල ලෙස අපහසුතාවයට පත් වන පිරිස බවයි.

එයින් ද රාජ්‍ය සේවකයා යනු ප්‍රධාන කොටසක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බව සඳහන් කර සිටියා.

මීට වසරකට පෙර රාජ්‍ය සේවකයාගේ සහ විශ්‍රාමිකයාගේ මාසික වැටුප ගෙවා ගැනීමේ අභියෝගයට පවා මුහුණ දී සිටි රටක රාජ්‍ය සේවක වැටුප අවස්ථා දෙකකට ගෙවූ රටක, රාජ්‍ය සේවක වැටුප වැඩිකරන බව රාජ්‍ය නායකයා විසින් ප්‍රකාශ කිරීම ම අසීරු එහෙත් ධෛර්ය සම්පන්න ප්‍රකාශයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව රාජ්‍ය සේවකයන් ලක්ෂ 14ක් සහ විශ්‍රාමිකයින් ලක්ෂ 06 සඳහා මාසයකට රුපියල් 10.00 කින් වැටුප වැඩි කළත් ඒ සඳහා රුපියල් කෝටි දෙකක් වැඩිපුර අවශ්‍යවන බව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළා.

එම අයගේ වැටුප මසකට රුපියල් 100.00 කින් වැඩි කළහොත්, වැඩිකළ වැටුප ගෙවීම සඳහා පමණක් මසකට රුපියල් කෝටි 20 වැඩිපුර අවශ්‍ය වෙන බවත්, මසකට රුපියල් 1000 කින් වැටුප වැඩි කළහොත් ඒ සඳහා මසකට රුපියල් බිලියන දෙකක මුදලක් වැඩිපුර අවශ්‍ය වන බව ද සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් රජය එම සියළු අභියෝගවලට ධෛර්ය සම්පන්නව මුහුණ දෙමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48