Fly high Get bonus Aviator Phone

රග්බි ලෝක කුසලානය මහනුවරට

ප්‍රංශයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ රන් කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා මහනුවරට රැගෙන ගොස් තිබෙනවා.

වත්මන් ලෝක රග්බි ශූර දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රයන් හබානා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මහනුවර කරා ගෙන එන ලද William Webb Ellis රග්බි ලෝක කුසලානය මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම විසිනුයි පේරාදෙණිය රාජකීය උද්භීත උද්‍යානය අභියසදී පිළිගනු ලැබුවේ.

රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන එන ලද පළමු අවස්ථාව මෙය යි.

මෙවර රග්බි ලෝක කුසාලන තරඟාවලිය සැප්තැම්බර් 8 වනදා සිට 28 වනදා දක්වා ප්‍රංශයේදී පැවැත්වෙනවා.

ලෝක කුසලානය රැගත් වාහන පෙරහැර පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මහනුවර නගරය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණය වෙත පැමිණියා.

නිත්තවෙල ක්‍රීඩාංගනය වෙත රැගෙන ආ ලෝක කුසලානය ඉමහත් හරසරින් යුක්තව පිළිගන්නා ලද අතර උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් සහිත පෙරහැරකිනුයි ක්‍රීඩාංගනය වෙත රැගෙන යනු ලැබුවේ.

රග්බි ලෝක කුසලානය සහ දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩක බ්‍රයන් හබානා ඇතුළු පිරිසට මෙහි දී උණුසුම් පිළිගැනීමක් ද හිමිව තිබෙනවා.

William Webb Ellis රග්බි ලෝක කුසලානය මහජනතාව වෙනුවෙන් පස්වරු 2 දක්වා ප්‍රදර්ශනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?