රග්බි ලෝක කුසලානය මහනුවරට

ප්‍රංශයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ රන් කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා මහනුවරට රැගෙන ගොස් තිබෙනවා.

වත්මන් ලෝක රග්බි ශූර දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රයන් හබානා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මහනුවර කරා ගෙන එන ලද William Webb Ellis රග්බි ලෝක කුසලානය මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම විසිනුයි පේරාදෙණිය රාජකීය උද්භීත උද්‍යානය අභියසදී පිළිගනු ලැබුවේ.

රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන එන ලද පළමු අවස්ථාව මෙය යි.

මෙවර රග්බි ලෝක කුසාලන තරඟාවලිය සැප්තැම්බර් 8 වනදා සිට 28 වනදා දක්වා ප්‍රංශයේදී පැවැත්වෙනවා.

ලෝක කුසලානය රැගත් වාහන පෙරහැර පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මහනුවර නගරය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණය වෙත පැමිණියා.

නිත්තවෙල ක්‍රීඩාංගනය වෙත රැගෙන ආ ලෝක කුසලානය ඉමහත් හරසරින් යුක්තව පිළිගන්නා ලද අතර උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් සහිත පෙරහැරකිනුයි ක්‍රීඩාංගනය වෙත රැගෙන යනු ලැබුවේ.

රග්බි ලෝක කුසලානය සහ දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩක බ්‍රයන් හබානා ඇතුළු පිරිසට මෙහි දී උණුසුම් පිළිගැනීමක් ද හිමිව තිබෙනවා.

William Webb Ellis රග්බි ලෝක කුසලානය මහජනතාව වෙනුවෙන් පස්වරු 2 දක්වා ප්‍රදර්ශනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53