මෙරට ඉදිරි සති 02 ක ගැන දැනුම් දීමක්

ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකි වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වනවිට දින දහයක කාලයක් රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරමින් වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරී තිබෙන ආකාරය ද ඉදිරි දිනවල වාර්තාවන ආසාදිතයන් අනුව තේරුම්ගත හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති සීමාව කොයි මොහතක හෝ ඉවත්කරන බැවින් ඊට පෙරාතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරවන නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීමට ඒ ඒ අංශවල බලධාරීන්, නිලධාරිනී කටයුතු කළයුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

නොමැතිනම් රට විවෘත කළ සැණින් වයිරසය යළි පැතිරීයනු ඇති බවයි ඔහු පැවසුවේ.

සෞඛ්‍ය අංශවලට පමණක් මෙම වෛරසය පාලනය කළ නොහැකි බැවින් එකිනෙකා අතර දුරස්ථභාවය තබාගෙන එදිනෙදා කටයුතු කරගෙන යාහැකි ලෙස සෑම අංශයක්ම ආවරණයවන පරිදි නව ආරක්ෂිත ක්‍රමවේද සැකසීම අත්‍යවශ්‍ය බවයි ඒ මහතා අවධාරණය කළේ.

  1. නෑ වෙනස් වෙන්නේ නෑ මේ ඇදිරි නීතිය දාලා තියෙන්නේ වව්ලන්ටද? පාරේ වෙනදා වගේම වාහන තද බදය

  2. ඇදිරි නීතිය දාන්න ඔනී උදේටයි දවල්ටයි.. ‍රටේ මිනිස්සු දැන ගන්න ඔනී පරිස්සම් වෙන්න. රජයට අමතරව මිනිස්සු අතේ තමයි තමන්ගෙ ජීවිතේ ආරක්ෂාව රැදිලා තියෙන්නේ 🖐️ ඒ නිසා පරිස්සම් වීමයි වැදගත් 🌹



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48