මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබෙනවා.
ඒ, එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (13) පැවැති ඡන්ද විමසීමේදීයි.
පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය සතු වුවද බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
එහිදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක් හිමි කරගැනීමට සමත් වූ අතර, සමගි ජන බලවේගය සභික ධුරය 06ක්, පොදුජන පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 02 බැගින් දිනාගත් අතර, පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමිකර ගත්තා.
සභාවේ බලය පිහිටුවීමේ දී එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වී තිබුණු අතර, සභාවේ බලය පිහිටුවීම සඳහා එක් සභිකයෙකු තීරක සභිකයෙකු වී රහස් ඡන්දය භාවිත කිරීමෙන් සභාපතිවරයා පත්කර ගත යුතුව තිබුණා.
ඒ අනුව එම අද පැවති එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ දී සභාපති ධුරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංගට හිමි වූ අතර, උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාසට හිමි වුණා.